විදුහල්පති පණිවිඩය
C . W . M . P . W . P . E . K . C . ඉබුල්මල්ගම.
''දැයේ දරුවන්ගේ අධ්‍යාපන ජාතික අභිලාෂ සාක්ෂාත් වන පරිදි ප්‍රතිනිර්මාණය කර එම අභියෝගයන්ට ඇවැසි පරිදි සූදානම් කිරීම මාගේ අරමුණයි"
වඩාත් සදාචාර සම්පන්න වූත් විචක්ෂණශීලි ගුණාංගයන්ගෙන් පරිපුර්ණ පිරිසක් බවට පත් වූ දරුවෙක් ගොඩනැගීම මාගේ සිහිනයයි.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන්ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත් කරගෙන ඇත.
අධ්‍යාපන යාන්ත්‍රණය මෙහෙයවීමට අවශ්‍ය පෙළගැස්මක් සහ නිවැරදි අර්ථකතනයක් ලබා දෙමින් පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි. ඒ තුළින් දැනුම කුසලතා ආකල්පමය හැකියා වර්ධනය වෙතැයි මා අපේක්ෂා කරමි. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ක්‍රමවේදයක් ඔස්සේ අනාගත අභියෝග ජය ගැනීමේ මෙම කාර්යයට උරදුන් සැමට මාගේ හදපිරි ගෞරවය පිරිනමන අතරද කැපවීම හා උනන්දුව මත දැවැන්ත සිත්විලක් මල්ඵල ගැන්වීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි.
C . W . M . P . W . P . E . K . C . ඉබුල්මල්ගම.
විදුහල්පති
පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය.






