කෑ/මාව/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

දිස්ත්‍රික් පරිසර වැඩසටහන

2024 ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ ඉතිහාසය.

 

අප පාසලේ ආරම්භය වෙත අවධානය යොමු කිරීමේදී තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචි බණ්ඩා කෝරළේ මහතා අක්කර 2 ක් රජයෙන් වෙන් කරවාගෙන තිබේ.  1962.02.01 මහා විද්‍යාල තත්වය ලැබිණි. අංක/කේ/ජී/ඩී/157 හා 1963 මැයි 15 වන දින කෑගල්ලේ අධ්‍යාපන කාර්යාලිය ලිපියේ කෑ/පුවක්මොටේ මහා විද්‍යාලය., කෑ/පුවක්මොටේ ධර්මපාල මහා විද්‍යාලය යනුවෙන් නම් කරන ලදී. ශිෂ්‍ය සංඛ්‍යාව 500 දක්වා වැඩිවූ අතර බාලාංශයේ සිට අ.පො.ස. උසස්පෙළ දක්වා පන්ති ආරම්භ විය. 1968.01.24 දින සිට 6 වන ශ්‍රේණියේන් ඉහළ පන්ති පමණක් පැවැත්වීමට අවස්ථාව ලැබීමත් සමග ශිෂ්‍ය සංඛ්‍යාව 200 දක්වා අඩු විය. 1970.05.18 නව රසායනාගාරය විවෘත කිරීම,1971.02.25 වාණිජ අංශය ආරම්භ කිරීම. මේ  වන විට කලා,විද්‍යා,වාණිජ යන අංශ තුනම ක්‍රියාත්මක විය.

ඒ අනුව 1941.11.01 වන දින මෙම පාසල ආරම්භ කරන ලදී. එවිට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 123 කි. ගුරු භවතුන් 04 කි. මෙහි මුල්ම ගුරුවරයා A . A . J . අමරතුංග මහතා වේ.  ආදී ශිෂ්‍යයා S . A ගුණතිලක - ඇතුලත් වීමේ අංකය 01

කුඩා පොල් අතු වලින් සෙවිලි කල එක ගොඩනැගිල්ලකින් මෙම පාසල ආරම්භ කර තිබේ. මෙය 1C වර්ගයට අයත් පාසලකි.

 

මුල්ම ගුරුවරුන්

A . A . J . අමරතුංග මහතා (විදුහල්පති)
H . A .ලුවිස් අප්පුහාමි මයා (උපගුරු)
D . Y . අල්විස් මයා (උපගුරු)
M . G . ධර්මසේන මයා (උපගුරු)

 

වර්තමානය වන විට උසස් පෙළ විෂය ධාරාවන් නොමැති අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් ශ්‍රේණි පැවැත්වේ.කෙසේ වෙතත් විෂය පරිබාහිර ක්‍රියාවන් ආදියේ ඉදිරියට යන දරු පිරිසක් දක්නට ලැබෙන අතර අතීත කාලයට වඩා ගොඩනැගිලි අතින්,ගුරුවරුන් සංඛ්‍යාව අතින් වර්ධනියව පවතින අතර අත්‍යාවශ්‍යම ඕනෑකම් සපුරාගෙන තිබේ. නමුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අතින් යම් බලපෑමක් දක්නට ලැබේ.

ආරම්භ කළ වර්ෂය

1941.11.01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

මුල් ගුරුතුමාගේ නම

A . A . J . අමරතුංග මහතා

පාසලේ ආදි කතෘගේ නම

තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචි බණ්ඩා කෝරළේ මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පුවක්මොටේ ධර්මපාල මහා  විද්‍යාලය

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1941.11.01